
FactCheck.lk විසින්, මනාව පර්යේෂණය කොට සම්පාදනය කළ විශ්ලේෂණයන් ඉදිරිපත් කිරීම සඳහා විශ්ලේෂකයින්, සංස්කාරකවරුන් හා පරිපාලකවරුන්ගෙන් සමන්විත විශාල කණ්ඩායමක් හා කටයුතු කරයි. අප කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් වෙත මේ අයද ඇතුළත් වේ:
නිශාන් ද මෙල්
ප්‍රධාන සංස්කාරක
Summary
වෙරිටේ රිසර්ච් හි විධායක අධ්යක්ෂවරයා වන නිශාන් විසින් FactCheck.lk හි ප්රකාශනයන් සඳහා අවසන් අනුමැතිය ලබාදෙන අතර, ඔහු ශාස්ත්‍රීය, ප්‍රතිපත්ති සම්පාදන හා පෞද්ගලික අංශයන්හි පතළ අත්දැකීම් සහිත ආර්ථික විශේෂඥයෙකු වේ. නිශාන්, ඔක්ස්ෆර්ඩ් හා හාවර්ඩ් සරසවි වල ආර්ථික විද්‍යාව සම්බන්ධව ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතු වල නිරත වී ඇත. 1990 දශකයේදී ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්ය සාධක බලකායන් ගණනාවක සාමාජිකත්වය දරමින්, සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, සමාජ ආරක්ෂණ සහ දුම්කොළ හා මධ්‍යසාර සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී වැදගත් භූමිකාවක් ඉටු කොට ඇත. ඔහු ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්රයේත්, එමෙන්ම ශ්‍රී ලංකා පදනම් ආයතනයේත් විධායක අධ්යක්ෂවරයා ලෙසින් කටයුතු කර තිබේ. ඔහු පෞද්ගලික අංශයේ මණ්ඩලයන් කිහිපයකම ධූරයන් දරණා අතර, කලාපයේ ඇතැම් විශාලතම ආයතනයන් සඳහා උපාය මාර්ග විශේෂඥයෙකු ලෙසින් නිරන්තරයෙන් සිය උපදේශනය ලබාදේ.
දීපාන්ජලී අබේවර්ධන
ජ්‍යෙෂ්ඨ කළමනාකරු
Summary
දීපාංජලී වෙරිටේ රිසර්ච් මාධ්‍ය පර්යේෂණ අංශයේ ප්‍රධානී ලෙසින් කටයුතු කරන අතර, FactCheck කණ්ඩායමේ කාර්යයන් අධීක්ෂණය කිරීමද සිදු කරයි. මාධ්‍ය ආචාර ධර්ම, මාධ්‍ය හැසිරීම මෙන්ම මාධ්‍ය හා කාන්තාව යන විෂයන්හි පුළුල් පරිචයක් ඇයට තිබේ. මීට අමතරව ඇයට නෝර්වේහි ඔස්ලෝ සරසවියේ සහ ස්විට්සර්ලන්තයේ ෆ්රිබූ සරසවියේ සිදුකළ අධ්‍යයනයන් ඔස්සේ ගැටුම් නිරාකරණය හා මානව හිමිකම් පිළිබඳ පරිචයක් ඇත. දීපාංජලී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රථම උපාධිය කොළඹ සරසවියෙන් ලබාගත් අතර, මදන්ජීත් සිං ශිෂ්‍යත්වය යටතේ ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීමට තෝරාගත් පළමු ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසින් ඉන්දියාවේ පොන්ඩිචෙරි සරසවියේදී දකුණු ආසියාතික අධ්‍යයනයන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගන්නා ලදී. දීපාංජලී විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය, මාධ්‍ය හිමිකාරීත්වය සහ සංහිඳියාව පෝෂණය කිරීමෙහි ලා මාධ්‍ය භූමිකාව යන කරුණු අවබෝධ කරගැනීම සම්බන්ධව, පුළුල් පරාසයක දේශීය සහ ජාත්‍යන්තර පාර්ශවකරුවන් හා මාධ්‍ය වෘත්තිකයන් සමගින් කටයුතු කර ඇත.
දේශාල් ද මැල්
ජ්‍යෙෂ්ඨ සංස්කාරක
Summary
දේශාල් ද මැල් වෙරිටේ රිසර්ච් හි පර්යේෂණ අධ්‍යක්ෂකවරයෙකු වන අතර, FactCheck හි සංස්කාරකවරයෙකු ලෙසින්ද කටයුතු කරයි. ඔහු, රජයේත්, පුද්ගලික අංශයේත් එසේම ශාස්ත්‍රීය ලෝකයේත් අත්දැකීම් සහිත ආර්ථික විශේෂඥයෙකු වේ. ඔහු 2017 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ආර්ථික උපදේශකවරයෙකු ලෙසින් සේවය කළ අතර, බදු ප්‍රතිසංස්කරණ සහ අනෙකුත් රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධව කටයුතු කරන ලදී. ඔහු ජාතික වෙළඳ සාකච්ඡා කමිටුවේද සාමාජිකයෙකු වූ අතර, එහිදී ඔහු විසින් සිංගප්පූරුව හා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්විපාර්ශවීය සේවා වෙළඳ ගිවිසුම සම්පූර්ණ කිරීම සඳහා සාකච්ඡා මෙහෙයවන ලදී. ඔහු මින් පෙර, ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන හේලීස් ව්‍යාපාර සමූහයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ලෙසින් කටයුතු කරන ලදී. දේශාල්, සංස්ථාපිතයන් හා සංස්ථාපිතයන් නොවන මණ්ඩලයන් ගණනාවක සේවය කළ අතර, ඊට වර්තමානයේදී ඔහු සේවය ලබාදෙන සම්පත් බැංකුව (පීඑල්සී) සහ ඉන් පෙර සේවය ලබාදුන් ශ්‍රී ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සහ දරිද්‍රතා විල්ලේෂණ කේන්ද්‍රය අයත් වේ. එසේම ඔහු 2018-2019 කාලය තුළ ශ්‍රී ලංකා සුරැකුම් පත් හා විදේශ විනිමය කොමිෂන් සභාවෙහි කොමසාරිස්වරයෙකු ලෙසින්ද සේවය කරන ලදී. ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සඳහා උපාධියක් ලබාගෙන ඇති අතර, ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වෙතින් ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. 2019 වසරේදී ලෝක ආර්ථික සංසදය මගින් ඔහුව තරුණ ගෝලීය නායකයෙකු ලෙසින් පිළිගැනීමටද ලක්විණි.
රොෂෙල් කනගසබේ
සන්නිවේදන කළමනාකරු
Summary
රොෂෙල් FactCheck.lk සඳහා වන කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙකු වේ. ඔහු වෙරිටේ රිසර්ච් හි සහාය විශ්ලේෂකයෙකු ලෙසින් සේවය කරයි. ඔහු බල්ගේරියාවේ ඇමරිකානු සරසවියෙන් දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර සබඳතා සඳහා ප්‍රථම උපාධියක් හිමිකරගෙන සිටිනා අතර, ඔහු ශ්‍රී ලංකාවේ ඇමරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලය හරහා ෆ්ලොරිඩාවේ බ්‍රොවාඩ් විද්‍යාලයෙන් ලිබරල් කලා දෙවන උපාධියක්ද හිමි කරගෙන සිටී.
මහෝෂධී පීරිස්
කළමනාකරු
Summary
මහෝෂධී FactCheck.lk සඳහා වන කළමනාකරණ කණ්ඩායම මෙහෙයවන අතර, ඇය FactCheck.lk හි පරිපාලන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමද ඉටු කරයි. ඇය වෙරිටේ රිසර්ච් හි සහාය විශ්ලේෂිකාවක ලෙසින් සේවය කරයි. FactCheck හැරෙන්නට, සෑම සතියකම සිංහල භාෂා පුවත්පත් වල සාකච්ඡා වන වැදගත් කරුණු කාරණා පිළිබඳ විශ්ලේෂණාත්මක, ලුහුඬු සාර සංග්‍රහයක් ලෙස ඉදිරිපත් වන මාධ්‍ය විශ්ලේෂණය (TMA) සඳහාද ඇය තම දායකත්වය දක්වන අතර, ඊට අමතරව ශ්‍රී ලංකාවේ වාර්ගික-ආගමික ප්රචණ්ඩත්වය සහ ව්‍යාජ තොරතුරු ඇතුළු පර්යේෂණ ක්ෂේත්රයන් ගණනාවකම නිරතව සිටී. ඇය ලන්ඩන් සරසවියෙන් දෙවන පෙළ (ඉහළ) සාමාර්ථයක් සහිතව නීතිවේදී උපාධියක්ද හිමිකරගෙන සිටී.
අනීශා ඩයස් බණ්ඩාරනායක
කළමනාකරු සහ FactCheck විශ්ලේෂක
Summary
අනීශා FactCheck.lk සඳහා වන කළමනාකරණ කණ්ඩායම මෙහෙයවන අතර, ඇය FactCheck.lk හි විශ්ලේෂිකාවක්ද වේ. ඇය FactCheck සංස්කරණ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම ඉටු කරනා අතර, FactCheck සඳහා වන පර්යේෂණ ඉටු කිරීම හා සම්පාදනයද සිදු කරයි. ඇය වෙරිටේ රිසර්ච් හි සහාය විශ්ලේෂිකාවක් ලෙසින් සේවය කරයි. ඇය FactCheck හි කළමනාකරණ කටයුතු වලට අමතරව, ආගමික නිදහස, මාධ්‍ය මනෝභාවයන් සහ දුෂ්තොරතුරු ඇතුළු මාධ්‍ය විෂය සම්බන්ධ පර්යේෂණ ක්ෂේත්රයන් කිහිපයකම නියැළී සිටී. ඇය බ්‍රවුන් සරසවියෙන් වාග් විද්‍යාව හා සාහිත්‍ය කලා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් හිමි කරගෙන සිටී.
අනූෂාන් කපිලන්
FactCheck විශ්ලේෂක
Summary
අනූෂාන් වෙරිටේ රිසර්ච් හි විශ්ලේෂකයෙකු වන අතර, FackCheck.lk හිද විශ්ලේෂකයෙකු ලෙසින් කටයුතු කරයි. ඔහු ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වෙතින් ආර්ථික විද්‍යාව සහ මූල්‍ය පිළිබඳ ප්‍රථම උපාධියක් හිමි කරගෙන සිටී. එසේම මේ වනවිට ඔහු වරලත් මූල්‍ය විශ්ලේෂක (CFA) වෘත්තිකයෙකු වීම සඳහා කටයුතු වල නිරතව සිටී. අනූෂාන් සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳව වන පුළුල් පරාසයක වැඩකටයුතු ප්‍රමාණයක යෙදී සිටී. ඔහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට උපදේශන සහාය සපයන අතර, වෙරිටේ හි සාර්ව ආර්ථික උපදේශන වැඩසටහන කළමනාකරණය කිරීමද සිදුකරයි. එසේම ඔහු විසින් සේවක අර්ථසාධක අරමුදල (EPF) සම්බන්ධ විවිධ අධ්‍යයනයන්ද ඉටු කළ අතර, සේවක අර්ථසාධක අරමුදලට එරෙහිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වූ විභාග කිරීමක් සාර්ථක කරගැනීමෙහි ලා වැදගත් භූමිකාවක් ඉෂ්ට කරන ලදී. තවදුරටත්, ඔහු Budget Promises, Factcheck සහ Public Finance Platform වැනි විවිධ වෙරිටේ පර්යන්තයන් සඳහා දිගින් දිගටම සහාය ලබාදේ
හස්නා මුනාස්
FactCheck විශ්ලේෂක
Summary
හස්නා වෙරිටේ රිසර්ච් හි විශ්ලේෂිකාවක වන අතර, FackCheck.lk හි විශ්ලේෂිකාවක ලෙසින්ද කටයුතු කරයි. ඇය, වෙළඳ පහසුකම්, ශ්‍රී ලංකාවේ දේශපාලන හා සාර්ව ආර්ථිකය සහ තරුණ ප්‍රජාව සඳහා රැකියා හා අධ්‍යාපනය ආවරණය වන පුළුල් පරාසයක වැඩකටයුතු ප්‍රමාණයක යෙදී සිටී. ඇය සෑම සතියකම සිංහල භාෂා පුවත්පත් වල සාකච්ඡා වන වැදගත් කරුණු කාරණා පිළිබඳ විශ්ලේෂණාත්මක, ලුහුඬු සාර සංග්‍රහයක් ලෙස ඉදිරිපත් වන මාධ්‍ය විශ්ලේෂණය (TMA) සඳහාද දායකත්වය දක්වයි. ඇය මින් පෙර ආර්ථික පර්යේෂණ කණ්ඩායම සහ Manthri.lk මගින් පවත්වා ගෙන යන දත්ත සමුදායන් කළමනාකරණය කිරීමෙන් සහාය ලබාදුනි. එසේම ඇය උපාධි මට්ටම සඳහා සංඛ්‍යානය හා ආර්ථික විද්‍යා පාඨමාලාවන්හි ඉගැන්වීම් කටයුතුද සිදුකොට ඇත. හස්නා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් (LSE) වෙතින් ගණිතය හා ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක්ද හිමි කරගෙන සිටී.